Dambadiva_charika Dambadiva tours
Dambadiva charika
Damabadiva wandana 
Dambadiva charika
Dambadiva Charika
Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා
 
ප්‍රතිචාර
 
දඹදිව චාරිකාව පිළිබදව වඩාත් තහවුරු කර ගැනීම සදහා මීට පෙර චාරිකාවේ යෙදුන අයෙකුගෙන් අසා දැන ගැනීමටද අවස්ථාව සලසා දීමටද හැකි බව දන්වමි. දුරකතනය මගින් ඔබගේ ලිපිනය සදහන් කර පසුගිය චාරිකාවල සහභාගිවූවන්ගේ නාම ලේඛණ, ලිපිනයන් හා දුරකතන අංක ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවද දන්වමි.
 
 
 
 
 
 
කුසුමා දෙදියවල
 
තලගල
 
සොදුරු මතකයන් බිදක් කැටිකොට මෙසේ ඔබට තිලිණ කරමු
2014 මාර්තු මස 15 දින සාමාජිකයන් 21 දෙනෙකු සමගින් දහසකුත් බොදු සිත් පුබුදුවා ගනිමින් මව් බිමෙන් නික්ම බුද්ධගයාව හරහා බරණැසට ගමන් ඇරඹුවේ දඹදිව් තලයේ ජීවමාන බුද්න්වහන්සේ වැඩ සිටි තැන් සියැසින් දැක ගැනීමටය.
 
සියල් සැප දුක් සිමසමින් එකමුතුව, මිත්‍රශීලීව ගමන් කල අප සැවොම බුදුන් වහන්සේගේ පින් බලය දසත පැතිරවාලූ හැටි දැක බලා ගැනීමට වාසනාවන්ත වීම අප සිත් තුල සදා අමරණීය වනු ඇත. අපට බුදුන්වහන්සේගේ පහස ලද බිං බිම පෙන්වීමට නිර්ව්‍යාජ අදහසින්, අපගෙන් එකතු කර ගත් ධනයෙන් වූවද ඔබගේ ශ්‍රමයෙන්, විශාල කැප කිරීම් කරමින්, අප සමග රැදෙමින්, කිසිදු අඩුපාඩුවක් අපහසුතාවයක් ඇති නොවීමට වග බලා ගනිමින්, ආදර සත්කාර කරමින් සිදුකල ඒ උත්කෘෂ්ඨ ක්‍රියාව වෙනුවෙන් අනිල් ජයවර්ධන මහතාණෙනි, ඔබට අපගේ හෟදයාංගම ස්තුතිය
 
අපගේ සංචාරය 2014 මාර්තු 25 වන දිනෙන් අවසන් වූවද ඔබගේ උදුල ට්‍රැවල්ස් ආයතනයෙන් සංවිධානය කරන සියලු සංචාර කටයුතු තවත් උසස් මට්ටමින් කරගෙන යාමට ධෛර්යය ශක්තියත්, තුණුරුවනේ පිහිටත් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
 
 
කළ්‍යාණි ගමගේ
 
බත්තරමුල්ල
 
2018 මාර්තු මස 22 වැනි දින කල දඹදිව සංචාරය පිළිබදවය
2018 මාර්තු මස 22 වැනි දින ඔබතුමා සහ තවත් පින්වත් කණ්ඩායමක් සමග සම්බන්ධවූ දඹදිව සංචාරය ඉතාමත්ම හිතට ගතට දැනුන පිංකමක් බව අවධාරණය කරමි.
 
වන්දනාව සදහා ගත කල එම දින 14 මට සදා අමතක නොවන තරමටම විශේෂ වූවකි. බලාපොරොත්තු වූවාටත් වඩා නිදහසේ මට අවශ්‍ය විදිහට වන්දනා කර ගැනීමටත් භාවනා කර ගැනීමටත් අවශ්‍ය සෑම තැනකටම පූජා භාණ්ඩ පූජා කර ගැනීමටත් අවස්ථාව ලැබීම මගේ භාග්‍යක් කොට සලකමි. අවවාද අනුශාසනා සහ උපදෙස්ද සමග මගේ ජීවිතයේදී ලද හොදම ත්‍යාගයද මට මේ ගමනේදී ලද බව ඉතා සතුටින් සදහන් කරමි. ලබා දුන් ආහාර පාන සහ නවාතැන් පහසුකම් ද ඉතා උසස් තත්වයෙන් තිබූ බව සදහන් කරන්නේ ඉතා සතුටිනි.
 
එසේම හොද මිතුරු මිතුරියන් පිරිසක්ද හමුවූ බව සදහන් කරන අතර මෙම වන්දනා ගමන පිං කර ගැනීමේ ඒකායන අරමුණින් සංවිධානය කර තිබූ බවද ඉතා සතුටින් සදහන් කරමි.
 
ඔබතුමා සංවිධානය කරන වන්දනා ගමන් සදහා ඕනෑම අයෙකුට කරදරයකින් තොරව සම්බන්ධ විය හැකි බවත් තම අභිප්‍රාය පරිදිම වන්දනාවන් සිදුකර ගැනීමට හැකි බවත් කිසිදු චකිතයකින් තොරව ප්‍රකාශ කරමි.
 
සියලු කටයුතු ඉතා හොදින් සහ හිතට දැනෙන අයුරින් සිදුවූ බවත් එය අපට ඉතා සතුටින් පිං කර ගැනීමට ඉවහල් වූ බවත් සදහන් කරන අතර ඔබතුමාගේ සියලු ඉදිරි කටයුතු මෙම පිං බලෙන් සාර්ථක වේවායී ප්‍රාර්ථනා කරමි.
 
එස්.වී.ඒ.ජේ.වසන්තා
 
මහරගම
 

පින් පිරුණු දඹදිව වන්දනා ගමනකට සහභාගි වීමට මා ද පින් කර තිබුණෙමි. සංවිධායක අනිල් ජයවර්ධන මහතාගේ අප්‍රමාණ වූ කැපවීම, ශ්‍රද්ධාව නිසා අප බොහෝ පින් රැස්කර ගත්තෙමු. එසේම ඉතාම දුර්ලභ පිංකම් රැසකට ද අවස්ථාව සලසා දුනි. බෞද්ධයෙකු විසින් වැද පුදා ගත යුතු දැක බලා ගත යුතු සියඵම සිද්ධස්ථාන වෙත අපව රැගෙන ගොස් ප්‍රධාන සිද්ධස්ථාන පිළිබදව ස්වාමීන් වහන්සේලා, මෙහෙනින් වහන්සේලා ලවා අපව දැනුවත්කර එම සිද්ධස්ථාන වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සලසා දුනි.
එසේම අප නඩයේ සියඵමදෙනාගේ සැප පහසුව සලසමින් අපට අවශ්‍ය පරිදි ආහාරපාන ආදිය ලබාදෙමින් දුර ගමන් යන අවස්ථාවන්හිදී අපව විඩාවට පත් නොවන අයුරින් බෞද්ධ අධ්‍යාපනික වැඩ සටහන් මෙහෙයවමින් ඉතා වගකීමෙන් චාරිකාව සංවිධානය කරන ලදී.
එම නිසා දඹදිව වන්දනාව සදහා මෙම ආයතනය ඉතාමත් සුදුසු බව මා නිර්දේශ කරන අතර උදුල සංචාරක ආයතනය දිනෙන් දින දියුණුවට පත් වේවායී ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

 
පී.ඒ.ගුණදාස
 
පිටිපන
 

2018 මාර්තු මස 21 දින සිට අප්‍රේල් මස 03 දින දක්වා  උදුල සංචාරයෝ ආයතනයෙන්  සංවිධානය කරන ලද දඹදිව චාරිකාව සදහා මමත් මගේ බිරිදත් සහභාගි විය. අපි දෙදනාම මෙම දඹදිව චාරිකාව පිළිබදව සතුටින් පසුවන අතර මෙවන් අගනා චාරිකාවක් සංවිධානය කර දීම පිළිබදව ඔබ ආයතනයට ස්තුතිවන්ත වෙමි. එමෙන්ම ඔබ ආයතනයේ ඉදිරි සියඵ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායී ප්‍රාර්ථනා කරමි.

 
කේ.ඒ.ටෙක්ලා පෙරේරා
 
බ්‍රැන්ඩිගම්පල
 

මම නම් හිතන්නේ උදුල ආයතනයත් සමග දඹදිව චාරිකාවේ යෙදෙන්නට ලැබුණෙ මගේ පෙර පිනකටයි. මහත්මයාණෙනි චාරිකාව ගැන ලියන්න ගියොත් ලියන්නට ඇත්තේ ගුණම තමයි. එසේම මෙවැනි චාරිකා සංවිධානය කරගෙන යාමට ශක්තිය ධෛර්්‍යය නිරෝගීභාවය දීර්ඝායුෂ ලැබේවායී ප්‍රාර්ථනා කරමි.

 
ටී.එස්.එස්.කාන්ති කුමාරි
 
අතුරුගිරිය
 

ඇත්තටම අප බලාපොරොත්තු වූ ආකාරයටම පිංකර ගැනීමට ලැබීම මහත් සතුටක් විය. කිලෝ මීටර් ගනන් මග ගෙවා ගියද ඔබ විසින් බස් රථයේදී සවිධානය කර තිබූ වැඩ සටහන් නිසා අප දැනුවත් වූවා පමණක් නොව ගමන් විඩාවක්ද දැනුනේම නැත. ස්ථාන පිළිබද තොරතුරු විස්තර කර දීම විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා ලවා කර දීම පොතපතින් පමණක් කියවා තිබූ කිසි දිනක දැක නොතිබූ ස්ථාන දැක ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ සිටිනවා සේ හැගීමක් ජනිත විය. අවසාන වශයෙන් ඔබගේ නායකත්වයෙන් සාර්ථක දඹදිව චාරිකාවක් අප නිම කලා. මෙවැනි චාරිකා සංවිධානය කරගෙන යාමට සියඵ දෙවිරැකවරණින් ශක්තිය ධෛර්්‍යය ලැබේවායී ප්‍රාර්ථනා කරමි.

 
ඒ.එස්.ගුණරත්න
 
නාගොඩ
 

ඔබ තුමාගේ උදුල සංචාරකයෝ යටතේ පසුගිය දින දඹදිව චාරිකාව සදහා ඔබ හා අප ගමන් කල මොහොතේ පටන් අප සියඵම දෙනාට එකා මෙන් සලකා නැවත කටුණායක ගුවන් තොටුපලට පා තබන තුරු ඔබ දුන් ආරක්ෂාව සහයෝගය ඉතා ඉහලින් අගය කරමි.
ඉන්දියාවේ සියඵම සිද්ධස්ථාන පෙන්වමින් විස්තර කරමින් හා වන්දනා කරමින් ඔබතුමා කරගත් මහා පිංකම උදෙසා අනෙක වාරයක් ඔබට පිං පමුණුවමි. එය නිවන් මග සොයා යන ඔබට මහත් කුසලයක් වේවා.
ගමනේදී අපට කරන ලද සංග්‍රහ මිහිරි ආහාරපාන සුවපහසු හෝටල් කාමර ලබා දී අපගේ හද බැතිය ඉහල නැංවීම ගැන ඔබ තුමන්ට ප්‍රශංසා වේවා. තෙරුවන් සරණින් ඔබගේ ආයතනය දියුණු වේවා.

 
Shirani Perera
 
We will take this opportunity to say very big thank for you and your crew to take us to India.
We have a safe & memorable journey. We can proudly recommend your company for these
type of tours to any one of our Sri Lanka’s.
All the very best to you and your company for your future plans. We are from wattala.
 
අප ලද තුති මල් 2019
 
අප ලද තුති මල්
2018