| අයි.ඒ.ඩී.සෝමලතා මහත්මිය - වැලිකන්න, වග |
|
|
| |
| උදුල ආයතනය මගින් කරනු ලබන මෙම දඹදිව වන්දනා සංචාරය පටන් ගත් අගෝස්තු මස 31 වන දින සිට අපට ලැබුනේ විශාල සතුටකි. ශ්‍රී ලංකා ආහාරපානද ඉතා හොදින් පිරිසිදුව ප්‍රනීතව සකස්කර දී අපගේ දුක සැප සොයා බලා පියතුමෙක් වාගේ අපව බලාගෙන අපට ධර්මය විස්තර කර දුන් අනිල් ජයවර්ධන මැතිදුන්ට බොහොම ස්තුතිවන්ත වෙමි. |
| |
| ඒ.වී.එස්.නාලනී මහත්මිය - කලුඅග්ගල, හංවැල්ල |
| |
|
|
| ඇත්තටම කියනවානම් මේ චාරිකාව හරිම සතුටකුත් පිනකුත් ලැබුවා. මම ජීවිතයටම බලාපොරොත්තු වූ අවුරුදු 3 ක කාලය අවසන් වි ඉතාමත් ප්‍රීතිමත් චාරිකාවක්. අපගේ අනිල් ජයවර්ධන මහත්මාට මේ කල පින හේතුකොට ගෙන දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි. |
| |
එච්.පී.කුසුමාවතී මහත්මිය - බොරලුගොඩලන්ද ,
කොස්ගම |
|
|
| |
මෙම චාරිකාව හරීම වැදගත්. මට කියා ගැනීමට බැරි තරම් සතුටක්. මගේ ප්‍රාර්ථනාව උදුල ආයතනයේ අධිපති අනිල් ජයවර්ධන මැතිතුමා සමග තවත් වරක් දඹදිව වැද පුදා ගැනීමයි. මගේ ප්‍රාර්ථනාව ඔබතුමා මෙම චාරිකාව තව තවත් වැඩි වැඩියෙන් කරන්නට ලැබේවායි කියායි. |
| |
| අයි.ඒ.ඩී.සෝමලතා මහත්මිය - වැලිකන්න, වග |
| |
|
|
උදුල ආයතනය මගින් කරනු ලබන මෙම දඹදිව වන්දනා සංචාරය පටන් ගත් අගෝස්තු මස 31 වන දින සිට අපට ලැබුනේ විශාල සතුටකි. ශ්‍රී ලංකා ආහාරපානද ඉතා හොදින් පිරිසිදුව ප්‍රනීතව සකස්කර දී අපගේ දුක සැප සොයා බලා පියතුමෙක් වාගේ අපව බලාගෙන අපට ධර්මය විස්තර කර දුන් අනිල් ජයවර්ධන මැතිදුන්ට බොහොම ස්තුතිවන්ත වෙමි. |
| |
| කේ.ජී.පී. හතුරුසිංහ මහත්මිය - වැලිකන්න, වග |
|
|
| |
උදුල ආයතනය කියන්නෙ කරන දේම කියන කියන දේම කරන වැදගත් ආයතනයකි. ඕනෑම කෙනෙකුට තනිවම උනත් පැමිණ හොදින් ආරාක්ෂා වී වැද පුදා ගෙන පැමිණිය හැක. කෑම බීම ඉදුම් හිටුම් ඉතාම ඉහලින් ලබාගත හැක. මගේ පැතුම මෙම ආයතනයේ අධිපති තුමාට මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. |
| |
| ආර්.සුමනාවතී මෙනවිය - බැරැන්ඩිගම්පල, වග |
| |
|
|
උදුල සංචාරකයෝ දඹදිව චාරිකාව අධිපති අනිල් ජයවර්ධන මහතා සමග 2018 අගෝස්තු මස 31 වන දින සිට සැප්තැම්බර් 12 දින දක්වා දඹදිව චාරිකාව ඉතාමත් අගේ කොට සලකමි. අප ගැන සොයා බැලු ඔබතුමා අපට පියෙකි. මෙවැනි පිනක් කර ගැනීමට අපට අතහිත දුන් අනිල් ජයවර්ධන මහතාට ස්තුති කරන අතර මෙවැනි චාරිකා වැඩි වැඩියෙන් කරගෙන යාමට නිදුක් නීරෝගී සුව ලැබේවායී පතමි. |
| |
| ජී.ඩී.එස්.මල්ලිකා මහත්මිය - බැරැන්ඩිගම්පල, වග |
| |
|
|
| මගේ මේ මුල්ම දඹදිව ගමන ඔබතුමා සමග යාමට ලැබීම මට මහත් වූ භාග්‍යයක් ලෙස සලකමි. මා හට ලැබුණ දැනුම් සම්භාරය අතිමහත්. එබැවින් මේ ගමන ගැන මගේ සිතේ ඇත්තේ අපමන සතුටකි. ඔබතුමාට මෙවැනි චාරිකාවලින් තවත් වැඩි වැඩියෙන් සැදැහැවතුතුන් වන්දනා කිරීමට ලැබේවා. ඔබතුමාට දීර්ඝායු පතමි. |
| |
| කේ.එදිරිසිංහ මහත්මිය - නිරිපොල, හංවැල්ල |
| |
| දඹදිව චාරිකාවේ ඓතිහාසික ස්ථාන දැක බලා ගත් අතර එය අවබෝධ කර දුන් අනිල් ජයවර්ධන මහතාට සහ එහි කාර්ය මණ්ඩලයට මගේ හෘර්දයාංගම ස්තුතිය පුදකරමි. තිරුපති වන්දනා චාරිකාවට සහභාගීවීමටද අදහසක් ඇත. |
| |
| ඩී.හේමකාන්ති එදිරිසිංහ මහත්මිය - මීවනපලාන, හොරණ |
| |
| දඹදිව වන්දනාවේ ස්යලුම ස්ථාන වැදපුදා ගැනීමට උදව්කල සියලුම දේවල් කියාදී වැන්දෙව්වාට අනිල් ජයවර්ධන මහත්මාටත් එහි කාර්ය මණ්ඩලයටත් අනේක වාරයක් මම ස්තුති කරමි. |
| |
| වී.රණවක මහත්මිය - බැරැන්ඩිගම්පල, වග |
| |
| උදුල ආයතනය සමගින් මා සහභාගී වූ මෙම දඹදිව චාරිකාව උපරිම ආරක්ෂාව සහිතව සුහද සංග්‍රහශීලි කාර්ය මණ්ඩලයක් (ඉන්දියන්) ලබාදීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. |
| |
| ඩබ්.ජී.ලහිරු සම්පත් මහතා - කදුබොඩ, දෙල්ගොඩ |
| |
| දඹදිව චාරිකාව ඉතාමත් ඵලදායි ගමනක් බවට පත් කිරීමට ඔබතුමා වගබලා ගැනීම ඉතා සතුටක් වන අතර එහිදී සෑම පුද්ගලයෙක් ගැනම දැඩි විමසිල්ලෙන් සිටීමද අගනේය. විවිධ ප්‍රශ්ණ ගැටලු පැමිණියද සියලුදෙනාගේ සිත් නොරිදවීම මම ඔබතුමා තුල දකින විශේෂ ගුණයකි. තවත් අදහස් ඉමහත්ය. |
| |
| එම්.ජී.පොඩිනෝනා මහත්මිය - කදුබොඩ,දෙල්ගොඩ |
| |
| මම ගැන සිතා ඔබ තුමා පුඵවන් සෑම විටම පහල මාලයකින් කාමරයක් හා පුතා ලගින්ම තැබීම ගැන දහස්වාරයක් ස්තුති වන්නෙමි. මට ඉදිරිපත් කරන්නට යෝජනා නැති වුනත් මා ගැන අවදානය විශේෂ අවදානය යොමුකර අටපිරිකර දෙවරක්ම පුජා කරවීම වැනි අනෙකුත් දේ පිළිබවද මම ඉමහත් සතුටුවෙමි. |
| |
| පී.නාරංගොඩ මහත්මිය - මාඹුල්ගොඩ, පන්නිපිටිය |
| |
| වන්දනා ගමන ගැන ගොඩක් සතුටු වෙමි. ඒ වාගෙම ඔබතුමා දරණ ප්‍රයත්නය වන්දනා කරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල කැපවීම මම ඉතාමත් අගය කරමි. සෑම වන්දනා ස්ථානයකදීම කරුණු පහදා දීම ගැන ගැන සතුටු වෙමි. ඔබතුමාගේ ප්‍රාර්ථනා සියල්ලක්ම ඉටුවේවායී පතමි. |
| |
| ඒ.ඒ.ලක්මිණි ප්‍රියංවදා මහත්මිය - දඹදුරය, සීදූව |
| |
| උදුල සංචාරක ආයතනය හැමවිටම යන හැම කෙනා ගැනම ගොඩක් උනන්දුවෙන් සොයා බලනවා. ඒ වාගෙම සංචාරය පුරාවටම අපේ ආරක්ෂාව අපේ සෞඛ්‍යය හා සුවපහසුව ගැන නිරන්තරයෙන්ම සොයා බලනවා. ගමන ආරම්භයේ සිටම අවසානය දක්වාම අප සතුටින් දඹදිව වන්දනා කලේ උදුල ආයතනයත් සමග එක් වූ නිසයි. |
| |
| පියදේව අයගම මහතා - අම්පාර |
| |
චාරිකාවේ යාමට පෙර චාරිකාවට සම්බන්ධවන සාමාජිකයින් එකිනෙකා හදුනා ගැනීමට ඉඩ සැලසීම, ශාරීරික යෝග්‍යතාවය පිළිබද වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම අගේ කොට සලකන අතර පෞද්ගලිකවද සොයා බැලීමට හැකි නම් අගනේය. ඉන්දීය ජනජීවිතය පිළිබද යම් අවබෝධයක් ලබා දීම ගැන සතුටුවන අතර මීටත් වඩා පුඵල් අවබෝධයක් ලබා දීමට හැකි නම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. අන්‍යය ජාතීන් හා ආගම් කෙරෙහි වෛරී අදහස් ඉවත්කර බුදු වදන බැතිමතුන් තුල වගා කිරිමට කටයුතු කිරීම ගැනද වඩාත් සතුටු වෙමි. |
| |