 |
| |
| මෙම ආයතනය අප පවත්වාගෙන යන්නේ පුණ්‍යායතනයක් ලෙස මිස ව්‍යාපාරික කටයුත්තක් සදහා නොවේ. ඒබැවින් මෙම චාරිකාවට සහභාගිවන ඔබ ගෙන්ද අප පහත සදහන් කරුණු සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලමි. |
| |
 |
මෙම චාරිකාවට ඔබ සහභාගී විය යුත්තේ පැහැදිලිවම පිණක් කර ගැනීමේ අරමුණින් විය යුතුය. |
| |
|
 |
මොනම හේතුවක් නිසාවත් මෙම චාරිකාවේදී කිසිදු ව්‍යාපාරික කටයුත්තක් නොකිරිමට වග බලා ගත යුතුය. |
| |
|
 |
දඹදිව චාරිකාවට ලියාපදිංචි වූ දින සිටම චාරිකාව සාර්ථක කර ගැනීම සදහා ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම. |
| |
|
 |
ඔබගේ ආසන්නම ඥාතිවරයා දැනුවත් කර අවසර ලබා ගැනීම. |
| |
|
 |
ඔබගේ ශරිර සෞඛ්‍යය පිළිබදව වෛද්‍යවරයා දැනුවත් කර මෙම චාරිකාව යාම සදහා මනා ශරීර සෞඛ්‍යයකින් හෙබි බවට සහතිකයක් අප ආයතනයට ලබා දීමට කටයුතු කිරීම. |
| |
|
 |
චාරිකාව සම්බන්ධව අප ආයතනයෙන් පවත්වන දැනුවත් කිරීමේ රැස්වීමට අනිවාර්යෙන්ම සහභාගී වීම හා එදින පැවැත්වෙන ආශිර්වාද පූජාවට සහභාගී වීම. |
| |
|
 |
මෙම චාරිකාව සදහා සියලුම කටයුතු සිදු කරන්නේ අප කාර්යාලයේදී පමණක් බැවින් වාර 2 හෝ 3 අප කාර්යාලයට පැමිණිමට වග බලා ගැනීම. |
|
| |
|
| සංවිධායක |
| |
 |
| අනිල් ජයවර්ධන |
| |
| දු.ක. : 036-2255383 |
| |
| ජංගම : 071- 4463897 |
| |
| පැක්ස් : 036-2255236 |
|
|
| |
හිතවත් මහත්මයාණෙනි, මහත්මියනි, මෙම චාරිකාව සාර්ථක කර ගැනීම සදහා අප ආයතනය අනුගමනය කරනු ලබන ඉහත සදහන් කරුණු සම්බන්ධව ඊට එකගව ක්‍රියා කිරීමට ඔබට හැකියාවක් මෙන්ම උනන්දුවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් කරුණාකර හැකි ඉක්මණින් ලියාපදිංචි ගාස්තු ගෙවා ඔබගේ පැමිණිම ස්ථිර කරන මෙන් ඉල්ලා සිටිමි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්නේ නම් ඔබගේ පවුලේ අයෙකු මෙන් ඔබව රැකබලා ගෙන සැනසිල්ලේ දඹදිව වැදපුදා ගැනීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවයි මේ.
ඒ මහගු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන උදුල ආයතනයත් සමග එක්ව දඹදිව වැද පුදා ගන්නට කෙරෙන කාරුණික හා ඉතා ගෞරවනීය ආරාධනයයි මේ.
|
|