| කමලා විජමුණි මහත්මිය - විජයසිරිපුර, වලස්මුල්ල |
|
|
| |
| සිහිනයක්ව තිබූ චාරිකාව සැබෑවක් බවට පත්වීම අප ලැබූ භාග්‍යයකි. විවිධ දේ අපේ ජීවිතවලට එකතුකර ගත හැකි අසාමාන්‍ය ගතිගුණ ඇති වියතෙකු හමු වීම අප ලැබූ භාග්‍යයකි. සිනාමුසු මුහුණින් කේන්ති නොයන මේ මිහිපිට මෙතෙක් මා නොදැක්ක උතුමාණන් කෙනෙක්. අපට ඒ චරිතය තුලින් ඉගෙන ගත හැකි බොහෝ දේ තියෙනවා. පොතක් වුව ලිවිය හැක. අප මැරෙන තුරාවට අපට අමතක වන්නේ නැත. එතුමන් සිටින ගෙදර අය මොන තරම් වාසනාවන්ත දැයි සිතේ.ඔබ තුල තිබූ මෙත් සිත මැවි මැවී පෙනේ. අප නොදත්දෙය නොසගවා අපට කියා දුනි. ජීවිතයේ අරුත වටහා දුනි. ඔබ තුමන්ට නිවන් සම්පත ලබා ගැනීමට මෙපිනම හේතු වේවායී පතමි. |
| |
| මාලතී ඒකනායක මෙනවිය - උලපනේ, ගම්පොල |
| |
|
|
| දඹදිව චාරිකාව සදහා මා සහභාගී වූ මෙම දින 13 මගේ ජීවිතයේ අමරණීය සිහිවටනයක් වනු ඇත. ඉතා හොදින් සැලසුම් කර සංවිධානය කර තිබූ මෙම චාරිකාව සදහා සහභාගී විමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. මගේ මරණය මොහොතේදී මේ අවස්ථාව සිහිපත් වේවායී ප්‍රාර්ථනා කරමි. මා කර ගත් සියලු පින් චාරිකාව සංවිධානය කල අනිල් ජයවර්ධන මහතාටත් එම පවුලේ සියලුදෙනාටත් අනුමෝදන් කරන අතර ඉදිරියේදීද උදුල ආයතනයත් සමග මට හැකි සෑම අවස්ථාවකදීම චාරිකාවන්ට සහභාගී විමටද අපේක්ෂා කරමි. |
| |
| එස්.පී.අත්තනායක මහත්මිය - ජල්තර, රණාල |
|
|
| |
බුදුන් වහන්සේ උදෙසා වූ වැදගත් ස්ථාන වන්දනා කිරීම ම පරමාර්ථයක් කොට ගෙන සැලසුම් කරන ලද චාරිකාවකි. මනා කාල කළමණාකරනයක් මෙන්ම සියලුම කටයුතු නිසි පිලිවෙලක් අනුව සකස් කර තිබුණි. එබැවින් සැදැහැ සිතින් වන්දනාව සදහාම සහභාගි විය හැකි අග්‍ර ගන්‍ය චාරිකාවක අත්දැකීම් ලැබුවෙමි. මෙවැනිම අත්දැකීම් ලබා ගත හැකි වෙනත් චාරිකාද සංවිධානය කිරීම ඉතාමත් සතුටුදායක බව පවසන අතර ඒ සදහා සහභාගී විමටද බලාපොරොත්තු වෙමි. ඔබ ආයතනය දිනෙන් දින දියුණුවේවායී ප්‍රාර්ථනා කරමි. |
| |
| එච්.එස්.හේමලතා දිසානායක මහත්මිය |
| |
|
|
මෙතෙක් දිනක් කිසිවෙකු හෝ මගෙන් විමසුවේ නම් ජීවිතයේ හොදම චාරිකාව මා පවසා සිටියේ රාජකාරියේ නියැලී සිටියදී කාර්යාලයෙන් වාර්ෂිකව රැගෙන යන චාරිකාවයි. එහෙත් මින් පසුව කිසිවකු මේ පිළිබදව විමසුවහොත් මා එක හෙලාම ප්‍රකාශ කරන්නේ හොදම චාරිකාව මෙම දඹදිව චාරිකාව බවයි. වන්දනා චාරිකාවක් වුවත් ජීවිතයේ ලැබිය යුතු සෑම අත් දැකීමක්ම එහි ගැබ්ව පැවති බව නොබියව පවසමි. ඔබ තුමාගේ මීලග මැලේසියාව හා මියෙන්මාර් චාරිකාව සදහාද මා සහභාගී විමට තීරණය කලෙමි. |
| |
| එස්.ආර්.එම්.එස්.එම්.සේනානායක මහත්මිය - වැත්තෑව, දඹදෙනිය |
|
|
| |
මගේ ජීවිතයේ සිහිනයක්ව පැවති දඹදිව වන්දනා චාරිකාව ඉතාමත් සාර්ථකව සැබැවින්ම සිදුවීම ගැන ඉතාමත් සතුටුයි. ජීවමාන බුදුරජුන් වන්දනා කලා යන සතුට මට දැනේ. මේ චාරිකාව ගැන මගේ මරණය දක්වාම පුන පුනා සිතමින් පිං රැස්කර ගනිමි. මා රැස් කර ගන්නා ඒ පින නිතැතින්ම උදුල ආයතනයේ සංවිධායක අනිල් ජයවර්ධන මහතා ඇතුලු පවුලේ සැමට අනුමෝදන් වනු ඇත. නැවත වතාවක් සාංචිය ප්‍ර දේශයද ඇතුලුව දඹදිව වන්දනා චාරිකාවකට උදුල ආයතනය සමගින් සම්බන්ධ වීමට මට ලැබේවායි පතමි. |
| |
| ඒ.එම්.ඩබ්.ඩබ්.එම්.අබේසිංහ මහතා - රඹුක්වැල්ල, තෙල්දෙනිය |
| |
|
|
දඹදිව චාරිකාව මනා සංවිධානය, සැලසුම් කිරීම, මග පෙන්වීම, පිරිස් කළමනාකරණය, හොද නායකත්වයකින් හා සහභාගිවන්නන්ට අපහසුතාවයකින් තොරව දින 13 ක් තග කිරීමට හැකි වීම ඉතා අගය කරමි. බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම තොරතුරු පැහැදිලි කිරීම ආගමික වතාවත්, පිරිසිදු ජලය හා ආහාරපාන ලබා දී සැදැවත් සිතින් මෙම චාරිකාව නිමා කිරීමට හැකිවීම පිළිබදව අනිල් ජයවර්ධන මහතා ඇතුලු කාර්ය මණ්ඩලයට ගෞරවනීය ස්තුතිය පිරිනමමි. |
| |
| ජීඊ.එම්.අබේසේකර මහත්මිය - රඹුක්වැල්ල, තෙල්දෙනිය |
| |
|
|
| දඹදිව චාරිකාව මනා සංවිධානය, සැලසුම් කිරීම, පිරිස් කළමනාකරණය යන ආදී කටයුතුවලදී සහභාගීවන්නන්ට ප්‍රමුඛතාවය දී තිබීම (උසස් ලෙස) අගය කල යුතුය. නවාතැන් පහසුකම් , ආහාර, පානයට ජලය, ගමනාගමන කටයුතු, කාර්ය මණ්ඩල සේවාවන්, නැරඹීමට හා වන්දනාවට ගිය ස්ථානවලදී ඇති කර ගත් අනතර් සම්බන්ධතාව හා සියලුදෙනාගේ ආරක්ෂාව වැනි දේ පිළිබදව ඉතා විශිෂ්ඨ ලෙස අනිල් ජයවර්ධන මැතිතුමාගේ මැදිමත්වීම සිදුවීම නිසා සහභාගී වූ අයට කිසිදු අපහසුතාවකින් තොරව චාරිකාව නිමා කරන්නට හැකිවිය. |
| |
| ජේ.ඒ.එස්.ඩී.කුමාරි මහත්මිය - බොරලුගොඩ, කොස්ගම |
| |
| මේ මාගේ දෙවන දඹදිව චාරිකාවයි. පළමු චාරිකාවද 2011 වර්ෂයේදී ඔබ ආයතනයෙන් මා රැගෙන ගියා. පළමු චාරිකාවටත් වඩා දෙවන චාරිකාව මාගේ සිත් ගත් හොදම චාරිකාව බවට පත් වූයේ සිද්ධස්ථාන වදින ආකාරය ඉතාම හොද තත්වයෙන් ඔබතුමා පැහැදිලි කර දීමයි. අනෙකුත් පහසුකම්ද ඉතා හොදම තත්වයෙන් ලබාදීමත් අප සියලුදෙනා හොදට රැකබලා ගැනීමත් මා ඉතා අගේ කොට සලකමි. ඔබට මතු ඉපදෙන ආත්මයේත් මෙවැනිම පිංකම් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. |
| |
| එච්.පී.ආරියවතී මහත්මිය - සුදුවැල්ල, හංවැල්ල |
| |
| ඹබ ආයතනයට සම්බන්ධවී ගිය දෙවන චාරිකාවයි. පළමු චාරිකාව 2011 දී සම්බන්ධ විය. මාගේ වයස අවුරුදු 74 කි. එහෙත් මාගේ පළමු චාරිකාවට වඩා දෙවන චාරිකාව ඉතා වැදගත් පිංකම් කරගත් චාරිකාවයි. මම ඉතා අසනීප තත්වයේ සිටියත් ඉතා සතුටින් වැද පුදා ගත්තෙමි. එය මට කර ගැනීමට ඔබතුමා දුන් ශක්තිය ධෛර්යය අතිමහත්. ඔබතුමාට බුදුබව අත්වේවා. |
| |
| සන්ධ්‍යා ප්‍රියංගනී මහත්මිය - රත්තනපිටිය, බොරලැස්ගමුව |
| |
| ඉතාමත් හොදයි. හොද වගකීමකින් කණ්ඩායමේ සියලුදෙනා ගැනම සොයා බලනවා. ඉතා හොද ආරක්ෂාවක් අපට ලබා දුන්නා. ඒ වගෙම බුදු ගුණයෙන්ම දින චරියාව පටන් ගත්තා. දිනය අවසන්වන තුරුම ඒක අපට හොද ශක්තියක් වුනා. අපි නිරෝගීව මේ වන්දනා ගමන අවසන් කලා. ගොඩක් පිං සිද්ධවෙනවා. |
| |
| එම්.එච්.එස්.රොද්‍රිගෝ මහත්මිය - රත්තනපිටිය, බොරගැස්ගමුව |
| |
| වන්දනා කටයුතු සම්බන්ධව ඉතාමත් සතුටුදායකයි. ඒ අතර ආරක්ෂාව, සොයා බැලීම, ඒ වගේම අප කතිකා කර ගත් පරිදි කාමර පහසුකම් සලසා දීම ගැනද ඉතාම සතුටුය. කිසිම කරදරයක් නැතුව මෙම ගමන අවසන් කිරීමට ලැබීම ගැනද ඉතාමත් සතුටට පත්වෙමි. ඒ සෑම කටයුත්තකටම පුරෝගාමී වූ ඔබතුමාට සහ පවුලේ සැමට නිදුක් නීරෝගී බව ලැබේවා කියා ඉත සිතින් අප සැම වෙනුවෙන් පතමි. |
| |
| ශ්‍රීමා ලමාහේවා මහත්මිය - හීන්නාරංදෙනියවත්ත, ගම්පොල |
| |
| මිල මුදල් පසුපස හඹායන ලෝකේ ඔබතුමා මේ ලෝකෙට පහලවුන පින්වත් දිව්‍ය පුත්‍ර යෙක්. ඔබතුමා අසද්දෘශයි. |
| |
| සුදර්මා රණමුක මහත්මිය - රජඇල පාර, උලපනේ |
| |
| මෙම චාරිකාව ඉතාමත් අති සාර්ථක චාරිකාවක් ලෙස නිමා කිරීමට හැකිවුනේ උදුල අධිපතිතුමන්ගේ කැපවීම මත බව ප්‍රකාශ කරමි. මෙම චාරිකාවේ යෙදෙන විට කලින් දැනුවත් කිරීම අනුව සියලුම සිද්ධස්ථාන සියැසින් නැරඹීමත් විස්තර කිරීමත් ඉතා අගනා බව දන්වමි. ඉදිරියටත් ඔබ ආයතනයෙන් සංවිධානය කරන චාරිකාවලට සහභාගී වීමට බලාපොරොත්තු වෙමි. |
| |
| දිස්නා පෙරේරා මෙනවිය - ග්‍රාම සංවර්ධන පාර බොරලැස්ගමුව |
| |
| ජීවිතයේ පළමු වරට දඹදිව වන්දනා ගමනක් සදහා උදුල ආයතනයත් සමග එක්වීමට ලැබීමද බුද්ධාලම්භන ප්‍රීතියෙන් අප බුදුරජාණන් වහන්සේ ජීවමානවම දැක්කා සේ වැද පුදා ගැනීමටත් මෙම දින 13 තුල අප සැම සියලු අවස්ථාහි ශද්ධාව පෙරදැරිකර හැසිරීමට උදව් කිරීමටත් ඔබතුමා ගත් වෙහෙස අගය කරමි. |
| |
| අයි.ටී.කේ.රත්නායක මහත්මිය - දුම්රියපල පාර, උලපනේ |
| |
මෙම ගමන ඉතාමත් අගනා බව ප්‍රකාශ කරමි. එමෙන්ම ඉදිරියටත් මෙම සත් ක්‍රියාව කරගෙන යාමට ශක්කිය ධෛර්යය ලැබේවායී ප්‍රාර්ථනා කරමි. |
| |
| ඩබ්.ඒ.එල්.කුසුමාවතී මහත්මිය - නැගෙනහිර දඩගමුව, වේයන්ගොඩ |
| |
ඉතාමත් සාර්ථක ගමනක අත්දැකීම් ලැබුවෙමි. දඹදිව සියලු සිද්ධස්ථාන සියැසින් දැක බොහෝ පිං රැස්කර ගැනීමටද ජීවිතයට යමක් ඉගෙන ගැනීමේ වාසනාවද ලැබුණි. උදුල ආයතනයේ අනිල් ජයවර්ධන මහතාට බොහෝ පිං ලැබේවා. |
| |
| ඒ.මහලේකම් මහත්මිය - දන්තුරේ |
| |
දඹදිව වන්දනා චාරිකාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම මනා සැලසුමක් හා සංවිධානයක් තිබීම මෙම ගමනේදී මා දුටු විශේෂම ලක්ෂණයයි. ඔබතුමා ඉතාමත් කැපවීමෙන් තමන්ගේ කෙනෙකු මෙන් කණඩායමේ සියලුම දෙනා කෙරෙහි අවධානය යොමු කරමින් පරිපූර්ණ වන්දනාවේ අත්දැකීමක් පමණක් නොව මනා ජීවිත අවබෝධයක් ලබා දීමත් ඔබතුමා සතුව පවතින සහජ කුසලතාවය තව තවත් ඔප් නංවන්නට ඔබතුමා කරන සියලු කුසලයන් හේතුවේවායී ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමි. |
| |
| එම්.ජී.එස්.මනෝදර මහත්මිය - පරකටවැල්ල, පිලිමතලාව |
| |
වන්දනා ගමන ඉතා විශිෂඨයි. ඔබතුමගේ විශේෂ කුසලතා හේතුවෙන් අප ජීවිතයේ මෙතෙක් අත් නොවිදි බෞද්ධමය කරුණු ඉගෙනගත් අතර ඒවා සදා අමතක නොවේ. ජීවිතයේ අවසන් මොහොතේ චුති සිතට මෙම කුසලය පහල වේවා. |
| |
| ඩබ්.එම්.ඒ.එස්.විජයරත්න මහත්මිය - ගලගෙදර පාර, කටුගස්තොට |
| |
ඔබතුමා විසින් සංවිධානය කරන ලද දඹදිව වන්දනා චාරිකාවට සහභාගීවිමට ලැබීම ජීවිතයේ ලද ඉහලම භාග්‍යයක් සේ මට දැනේ.චාරිකාවේ මූලික අරමුණ සෑම දිනකම ආරම්භයේ සිටම නොබිදී ක්‍රියාත්මක වූ බවද සතුටින් කියමි. වන්දනා කටයුතු, ශීල සමාදාන වැඩ සටහන ඉතා උසස් ලෙස කිසිදු අඩුපාඩුවකින් තොරව සිදුවුණි. සංවිධායකවරයෙකු, කළමණාකරුවෙකු, පියෙකු, සහෝදරයෙකු, මාර්ගෝපදේශකයෙකු ලෙස ඔබගේ භූමිකාව ඉතා ප්‍රශස්තය. ආහාරපාන, ඉදුම්හිටුම්, පානීය ජලය සැපයීම ප්‍රශංසනීයයි. අපට දැනුන මානසික සහනය ඉතා ඉහලයි. මේ සදහා කැපවුන ඔබට පවුලේ සැමට දහස් වාරයක් පිං අනුමෝදන් කරමි. |
| |
| ජී.එම්.එස්.කුමාරිහාමි මහත්මිය - හරංගල, නාවලපිටිය |
| |
ඉතා සාර්ථක වන්දනා ගමනක් අතර සෑම සිද්ධස්ථානක්ම හොදින් වන්දනා කරවන ලදී. වටිනා ධර්ම කරුණු කියාදෙමින් අපව ධර්මාවබෝධය කෙරෙහි යොමුකරවන ලදී. ඔබතුමා විසින් කරගෙන යන මේ උතුම් කාර්ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායී ප්‍රාර්ථනා කරමි. මෙවැනි වන්දනා ගමනක් වෙනත් රටවල් සදහාද සංවිධානය කරන මෙන් ඉල්ලමි. |
| |
| ඊ.එම්.සී.කේ.ඒකනායක මෙනවිය - හරන්ගල, නාවලපිටිය |
| |
අගෝස්තු 30 න් ආරම්භ කල මොහොතේ පටන් අවසානය දක්වාම සෙවනැල්ල අප අතහැර නොයන්නා සේම ඔබතුමා සැම මොහොතකම අපට මග පෙන්වමින් අපව ධර්මය කරා යොමු කරවීමට ගත් උත්සාහය ඉතාමත් සාර්ථක එකක් විය. මීට පෙර මා ගිය චාරිකාවලදී නොලැබුණ අත්දැකීම් සමූහයක් ලබාදුන් අති සාර්ථක චාරිකාවකි. අනෙකුත් බෞද්ධ රටවල චාරිකා සංවිධානය කරමින් අපව තව දුරටත් ධර්ම මගට යොමු කරවා ගැනීමට කටයුතු කරන්නේ නම් යෙහෙකි. ඉදිරියෙදී එවැනි අවස්ථා බලාපොරොත්තු වෙමි. |
| |
| ආර්.කේ.ඒකනායක මහත්මිය - ඇටකෝරස පාර, රාගම |
| |
මා මීට පෙරද දඹදිව වන්දනා චාරිකාවකට සහභාගී වී ඇත්තෙමි. ඔබතුමාගේ චාරිකාවේදී මා අත්දුටු විශේෂත්වය නම් අනෙකුත් සංවිධායකයන් මෙන් නොව ඔබතුමා අප හා වන්දනා කටයුතුවල සක්‍රීයව දායක වීමයි. භාග්‍යවතුන් වහන්සේ පිළිබදව ශ්‍රී සද්ධර්මය හා ආර්ය මහා සංඝ රත්නය පිළිබදව අචල ශ්‍රද්ධාවක් සැම කෙනෙකුගේම සිතෙහි සනිටුහන් කිරීමට ගන්නා අපමණ වෙහෙසයි. ධර්මය පිළිබදව පවත්නා දැනුම් සම්භාරය අන් අයට ආදර්ශයකි. වෙනත් බෞද්ධ රටවලටද ගමන් සංවිධානය කරන්නේ නම් සහභාගී විමට බලාපොරොත්තු වෙමි. |
| |
| |