| පළමු දිනය |
| කටුනායක ගුවන් තොටුපලින් දිල්ලියට |
| වායුසමනය කරන ලද බස් රථයෙන් අග්‍රා නගරයට. නැවතිම ඇපලෝ ඉන්ටනැෂනල් හෝටලයේ. |
| |
| දෙවන දිනය |
| අග්‍රා නගරයේ සිට සංකස්ස ප්‍රදේශයට. බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශණා කර මහපොලොවට පා තැබූ ස්ථානය හා සංකස්ස ශ්‍රී
ලංකාරාමය වැදපුදා ගත හැක. නැවතීම රජයේ නිවාඩු නිකේතනයේ. |
| |
| තුන්වන දිනය |
| ශ්‍රාවස්ති නගරය වෙත යාම. නැවතීම කොරියන් ටෙම්පල් නිවාඩු නිකේතනය. |
| |
| සිව්වන දිනය |
| අනේපිඩු සිටු මාලිගය, අංගුලිමාල පිරිත දේශනා කල ස්ථානය, යමක මහා ප්‍රාතිහාර්ය පෑ ස්ථානය(ගන්ධබ්බ රුක්ඛමූල චෛත්‍යය), සර්වඥ ධාතු ප්‍රදර්ශණය,
ශ්‍රී ලංකාරාමයේදී ආශිර්වාද පූජාව, අට පිරිකර පූජාව, ජේතවනාරාම විහාර සංකීර්ණය දැක බලා වැද පුදා ගැනිම, ආනන්ද බෝධිය අසල බෝධි පූජාව, සුගන්ධ කුටියට රෝස මල් පූජාව. නැවතීම කොරියන් ටෙම්පල් නිවාඩු නිකේතනය. සාප්පු සවාරිය සදහා අවකාශ ලැබේ. |
| |
| පස්වන දිනය |
| කපිලවස්තුපුර නිග්‍රෝධාරාම විහාරාරාම සංකීර්ණය, සුදොවුන් රාජ මාලිගය, ලුම්බිණි (සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානය) දැක බලා ගැනිම. නැවතීම ශ්‍රී ලංකා නිවාඩු නිකේතනය. |
| |
| හයවන දිනය |
| කුසිනාරානුවර පිරිනිවන් මංචකය, පරිනිර්වාන චෛත්‍යය, මාතා කුහාර් විහාරය, මතුඨ බන්ධන චෛත්‍යය දැක බලා වැද පුදා ගත හැක. නැවතීම පතීක් නිවාස් නිකේතනයේ හෝ ඒ හා සමාන නිවාඩු නිකේතනයක. |
| |
| සත්වන දිනය |
| විශාලා මහනුවර ධාතු චෛත්‍යය, දැනට නිරුපත්දිතව ඇති අශෝක කුලුණ, රාජාභිෂේක කල ස්ථානය, පුෂ්කරණි පොකුණ, රතන සූත්‍රය දේශණා කල ස්ථානය දැක බලා වැද පුදා ගත හැක. නැවතීම බුද්ධගයාවේ ශාන්ති හෝටලයේ. |
| |
| අටවන දිනය |
| රජගහනුවර ප්‍රදේශයේ ඇති වේඵවනාරාමය, විරෑඩභ රජුගේ ගැල් එරුන තැන, ගිඡ්ඡකූඨ පර්වතය, බිම්බිසාර රජුගේ සිර කුටිය, සප්තපන්නී ගල් ගුහාව, වාලසංඝාට චෛත්‍යය, තපෝදා නදිය හා නාලන්දා විශ්ව විද්‍යාලය දැක බලා ගත හැක.සාප්පු සවාරිය සදහා අවකාශ ලැබේ. නැවතීම බුද්ධගයාවේ ශාන්ති හෝටලයේ. |
| |
| නවවන දිනය |
| ශීල සමාදානය, කිරිපිඩු පූජාව, සත්සති වන්දනාව, සාංඝික දානය, අට පිරිකර පූජාව, මල් පූජාව, සූත්‍ර සඡ්ඡායනාව, බෝධි පූජාව වැනි පුණ්‍ය කටයුතු සිදුකරනු ඇත. නැවතීම බුද්ධගයාවේ ශාන්ති හෝටලයේ. සාප්පු සවාරිය සදහා අවකාශ ලැබේ. |
| |
| දහවන දිනය |
| සිදුහත් බෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියාව සිදුකල ස්ථානය (දුර්ගේෂ්වරී), සුජාත ගම (සුජාතා සිටු දේවියගේ ගම් ප්‍රදේශය), සොත්තිය බමුණා කුසතණ පූජා කල ස්ථානය, සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජා කල ස්ථානය හා නේරංජනා නදිය දැක බලා ගත හැක. සවස ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශණාවට සහභාගී වීම.නැවතීම වාරණාසියේ සිවම් ගෙස්ට් හවුස් හෝටලයේ. |
| |
| එකොලොස්වන දිනය |
| ධම්මරාජික ස්ථූපය, ධම්මික ස්ථූපය, අශෝක කුඵණ, මූලගණ්ධ කුටි විහාරය, නව මූලගණ්ධ කුටි විහාරය, සම්මූඛ චෛත්‍යය, අනගාරික ධර්මපාල තුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කල සොහොන, ධර්මපාල කෞතුකාගාරය බරණැස කෞතුකාගාරය, ජෛන පංසල, මිගදාය, දමි සභා මණ්ඩපය ආදී ස්ථාන දැක බලා වැද පුදා ගත හැක. නැවතීම වාරණාසියේ සිවම් ගෙස්ට් හවුස් හෝටලයේ. සාප්පු සවාරිය සදහා අවකාශ ලැබේ. |
| |
| දොළොස්වන දිනය |
| අග්‍රා නගරය වෙත යාම. ටජ්මහල් මන්දීරය හා රතු බලකොටුව නැරඹීම. නැවතීම ඇපලෝ ඉන්ටනැෂනල් හෝටලයේ. සාප්පු සවාරි සදහා අවකාශ ලැබේ. |
| |
| දහතුන්වන දිනය |
| සතිපට්ඨාන දේශනාව සිදුකල ස්ථානය හා කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා වැද පුදා ගැනීම. ලොටස් ටෙම්පල්, ඉන්ඩියා ගේට්, ශාස්ඨපති භවාන් මන්දීරය, ඉන්දීය පාර්ලිමේන්තුව, ඉන්දිරා ගාන්ධි කෞතුකාගාරය වැනි ස්ථාන නැරඹීය හැකිය. ශ්‍රී ලංකා නිවාඩු නිකේතනයේ හෝ ඊටත් වඩා පහසුකම් සහිත වායු සමනය කරණ ලද හෝටලයක. සාප්පු සවාරි සදහා අවකාශ ලැබේ. |
| |
| දාහරවන දිනය |
| ආපසු පැමිණීම දිල්ලි ගුවන් තොටුපලින්. |
| |
| |